Thursday, May 9, 2024

General line - 0115112241

පළමු ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට




ශ්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු පිල සමත්වුණා. තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 212 ක් රැස් කර ගනු ලැබුවා.

ඊට පිළිතුරු ඉනිම ලෙස ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලකුණු 321ක් රැස් කර ගනු ලැබූ අතර ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 109ක් ඉදිරියෙන් පසුවූවා.

සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ඉනිම  මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 113කට සීමා වුණා. දිමුත් කරුණාරත්න ලකුණු 23ක්, පැතුම් නිස්සංක ලකුණු 14ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 13ක්, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 12ක් හා ධනංජයද සිල්වා ලකුණු 11ක් රැස් කළද සෙසු පිතිකරුවන්ට ලකුණු 08 සීමාව පවා පසු කර යාමට හැකි වුණේ නැහැ. පන්දු යැවීමේදී නේදර් ලයන් සහ ට්‍රැවිස් හෙඩ් කඩුලු 04 බැගින් බිඳ හෙලුවා. 

ඒ අනුව තරඟයේ ජයග්‍රහනයට ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 05ක්. එය කිසිවෙකු නොදැවී පසු කර යාමට ඕස්ටේ්‍රලියාව සමත්වූ අතර ඒ අනුව ඔවුන්ට පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 10ක ජයක් හිමි වුණා.