Thursday, May 9, 2024

General line - 0115112241

එංගලන්තයට එරෙහිව රිෂාබ් සහ ජඩේජා ගෙන් ලකුණු 222ක නොබිඳුණු සම්බන්ධතාවයක්




රිෂාබ් පාන්ට්ගේ සහ රවීන්ද්‍ර ජඩේජාගේ අනගි පිතිහරඹය හේතුවෙන් එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පස්වන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට අවදානම් තත්ත්වයෙන් මිදීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා. 

දිනය නිමා වන විට ඉන්දීය පළමු ඉණිමේ ලකුණු පුවරුවේ දැක්වුණේ කඩුලු 07කට ලකුණු 338ක් ලෙසයි. ඉන්දීය ඉණිමේ මුල් කඩුලු 05 ලකුණු 98ක් තුළ බිඳ වැටුණා. ඉන් අනතුරුවට පිටියේ එක්වූ රිෂාබ් පාන්ට් සහ රවීන්ද්‍ර ජඩේජා 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 222ක සබදතාවක් ගොඩ නැගුවා. 

රිෂාබ් පාන්ට් ලකුණු 146ක් රැස් කළ අතර ඔහුගේ ඉණිමට හතරේ පහර 19ක් සහ හයේ පහර 04ක් ඇතුලත් වුණා. දිනයේ නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි රවීන්ද්‍ර ජඩේජා ලකුණු 83ක් රැස් කරගෙන සිටියා. තරඟය පැවැත්වෙන්නේ බර්මින්හැම් හීදීයි.