Thursday, May 2, 2024

General line - 0115112241

අර්බුද මැද වුවත් දරුවන් කෙරෙහි ඇති අවධානය අඩුනොකරන්න - විද්වතුන් මව්පියන්ගෙන් ඉල්ලයි




රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දරුවන් කෙරෙහි මව්පියන් තුළ තිබූ අවධානය ගිලිහී යමින් පවතින බව විද්වතුන් පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නෙරංජි විජේවර්ධන සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් දරුවන් අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. 

ප්‍රචණ්ඩත්වයට නැඹුරු වූ අපරාධ සංස්කෘතියක් මේවනවිට රට තුළ නිර්මාණය වෙමින් ඇති බව ද මහාචාර්ය නෙරංජි විජේවර්ධන සඳහන් කළා. මේ හේතුවෙන් දරුවන් පැහැරගෙන යාම, කප්පම් ඉල්ලීම වැනි ක්‍රියා ඉදිරියේදී වැඩි වශයෙන් දක්නට ලැබිය හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.