Thursday, May 9, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායාමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහු දින 05ක ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. 

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා. 

ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය අතරතුර ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනුනා. මේ වන විට ඔහු සුවය ලබමින් සිටින බවත් ඔහුට දෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.