Friday, May 10, 2024

General line - 0115112241

චිකාගෝහි වෙඩිතැබීමකින් 06 දෙනෙකු මරුට




අමෙරිකාවේ චිකාගෝ නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ දිනට යෙදී තිබූ අමෙරිකානු  නිදහස් දින පෙළපාලියක් අතරතුර පුද්ගලයකු සිදු කළ විවෘත වෙඩි තැබීමකින් එම පිරිස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් 24 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. වෙඩි තැබීම සිදු කළ සැකකරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් කාල සීමාවේදී අමෙරිකාවෙන් එවැනි විවෘත වෙඩි තැබීම් සිද්ධින් කිහිපයක්ම වාර්තා වුණා.