Saturday, May 4, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයන් තුන්දෙනෙකු නම් කර තිබෙනවා. එළෙස ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත මානසිංහයි. ඔවුන් ඊයේ දිනයේ සිට ශ්‍රී ලංකා සංචිතයට එක්වූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා. 

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කර තිබෙනවා. එම තරඟයේදී  ලසිත් ඇඹුල්දෙණිය ප්‍රධාන දග පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළද ඔහු කිසිදු කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණේ නැහැ. 

දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමද කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දින 05ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බැවින් ඔහුටද ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. දෙරට අතර දෙවන ටෙස්ට් තරඟය ලබන 08 වනදා ගාල්ල ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.