Sunday, May 5, 2024

General line - 0115112241

අංක එකේ ශ්‍රී ලංකා 20 යි 20 පිතිකරුවාට LPL වරම් නොලැබේ




මෙවර එල් පී එල් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම ඊයේ සිදුවුණා. එහිදී දෙස් විදෙස් ක්‍රීඩකයින් 60 දෙනෙකු සඳහා මිල ගණන් ඉදිරිපත්ව ඇති අතර ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, වනිඳු හසරංග යන දේශීය ක්‍රීඩකයින්ට අමෙරිකානු ඩොලර් 60,000 බැගින් ලන්සු ඉදිරිපත් කෙරුණා. 

කාලෝස් බ්‍රැත්වෙට්, එවින් ලුවිස්, ඉමාඩ් වසීම් ඇතුළු විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද අමෙරිකානු ඩොලර් 60,000 ක ලන්සුවක් යටතේ අලෙවි වුණා. දේශීය ක්‍රීඩකයින් 173 දනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 180 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සඳහා ඉදිරිපත් කර තිබුණු අතර එය පැවැත්වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. 

කෙසේවෙතත් එම ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා මෙන්ම 20 යි 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා වන පැතුම් නිස්සංක කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම ආන්දෝනලනයට තුඩුදී තිබෙනවා. මෙවර එල් පී එල් තරගාවලිය මේ මස 31 වනදා සිට අගෝස්තු 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.