Friday, May 3, 2024

General line - 0115112241

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි

ටී කේ ජී කපිල




තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියා. පාකිස්තාන ක්‍රීඩකයින් සහ නිලධාරීන් 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එලෙස ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. 

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 16 වනදා ආරම්භ වීමට නියමිතව ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 24 වනදා ආරම්භ වීමට නියමිතයි.

මේ අතර සංචාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.