Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. 

මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දුට බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිවේදනය කර සිටියේ.

මිට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ  ප්‍රවීන් ජයවික්‍රමට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. 

කෙසේ වුවද හෙට ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ට ක්‍රීඩා කිරීමට හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.