Tuesday, May 7, 2024

General line - 0115112241

පළමු දිනයේ වැඩි ගෞරව ඕස්ට්‍රේලියා පිතිකරුවන් දිනා ගනියි




ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඒ, දිනය නිමා වන විට කඩුලු 05 ක් දැවී ලකුණු 298ක් රැස් කිරීමත් සමඟයි. 

විශිෂ්ඨ පිති හරඹයක නිරත වන ස්ටිව් ස්මිත් නොදැවී ලකුණු 109ක් සහ මානස් ලබුශේන් ලකුණු 104ක් රැස් කළා. 

පන්දු යැවීමේදී අද ටෙස්ට් වරම් දිනා ගත් ප්‍රභාත් ජයසූරිය කඩුලු 03ක් බිඳ හෙලුවා. කසුන් රාජිත හා රමේෂ් මෙන්ඩිස් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.