Tuesday, May 14, 2024

General line - 0115112241

නෙත් FM මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන "නිජබිම සටන" හොකී තරගාවලිය හෙට මාතලේදී ඇරඹේ




මාතලේ විජය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවනු ලබන "නිජබිම සටන" දීප ව්‍යාප්ත හොකී තරගාවලිය හෙට සහ අනිද්දා යන දිනයන් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම හොකී තරගාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව හොකී කණ්ඩායම් ඇතුළු දිවයිනේ හොකී ක්‍රීඩා කරන කණ්ඩායම් 40ක් පමණ සහභාගී වීමට නියමිත අතර දැනට ශ්‍රී ලංකාවේ පවත්වන දැවැන්තම හොකී තරගාවලියද මෙය වනවා.

මෙම හොකී තරගාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය දක්වනු ලබන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.