Saturday, May 4, 2024

General line - 0115112241

චන්දිමාල් ලකුණු 150 සීමාව පසු කරයි




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඊයේ දිනයේ අසනීප තත්ත්වයකින් පෙලීම හේතුවෙන් පැතුම් නිස්සංක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කර ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබෙනවා. 

පසුව සිදු කළ පී සී ආර් පරීක්ෂණයක් මගින්ද එය තහවුරු වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. ඒ අනුව පැතුම් නිස්සංක නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා. 

මේ අතර සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිය පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කඩුලු 08ක් දැවී ලකුණු 499ක් රැස් කර ගෙන සිටියා. 

නොදැවී කඩුල්ලේ රැදී සිටින දිනේෂ් චන්දිමාල් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 153ක්. ප්‍රභාත් ජයසූරිය ලකුණු නොලබා නොදැවී අනෙක් අන්තයේ රැදී සිටියා. 

මෙම තරඟයේ පළමු ඉණිම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 364ක් රැස් කළා. ඒ අනුව කඩුලු දෙකක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඕස්ටේ්‍රලියානු පළමු ඉණිමට වඩා ලකුණු 135ක් ඉදිරියෙන් සිටිනවා.