Tuesday, May 7, 2024

General line - 0115112241

ඉදිරි දිනවලදී මෙරටට ලඟාවන ඉන්ධන නෞකාවන් ගැන දැනුම් දීමක්




ඉදිරි දිනයන් වලදී මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නෞකාවන් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.
 
ඒ අනුව, ලංකා IOC සමාගම වෙත ඉකුත් සිකුරාදා දිනයේදී ඩීසල් සහ පෙට්ට්‍රල් නෞකාවන් වෙනුවෙන් සම්පුර්ණ මුදල් පියවූ බවත් එම ඩීසල් නෞකාව මෙම මස 15-17 අතර මෙරටට ලඟා වීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේ. 

පෙට්ට්‍රල් නෞකාව මෙම මස 22-24 යන දිනයන් හිදී ලඟා වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

ඉකුත් සතියේදී අත්තිකාරම් මුදල් ගෙවනු ලැබූ ඩීසල් නෞකාව මෙම මස 15-17  පැමිණෙන බවත්, ඒ වෙනුවෙන් වන ඉතිරි මුදල් අද දිනයේදී ගෙවීමට නියමිත බවයි අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටියා.

එමෙන්ම අත්තිකාරම් මුදල් ගෙවන ලද පෙට්ට්‍රල් නෞකාව මෙම මස 17-19 දිනයන් හිදී ලඟා වීමට බවත් ඒ සඳහා වන ඉතිරි මුදල් හෙට දිනයේදී ගෙවීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර මෙම මස 15-17 දී තවත් ඩීසල් නෞකාව, 14-16 සහ 15-17 යන දිනවලදී  බොර තෙල් රැගත් නෞකාවන් දෙකක් මෙරටට ලඟා වීමට නියමිතව ඇත.

මේ මස 09 වෙනිදා මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඉන්ධන නෞකාවට පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඉන්ධන පැටවීමට නොහැකි වීම හේතුවෙන් එය අද දිනයේදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.