Tuesday, May 7, 2024

General line - 0115112241

අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස සාලිය පීරිස් පත්කරනැයි යෝජනාවක්




අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පත් කරන ලෙස හිටපු ආණ්ඩුකාරවරුන් කීපදෙනෙකු ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් වෙත ලිපි යොමු කරමින්. 

පාර්ලිමේන්තුවේ පක්ෂ සහ කණ්ඩායම් අතර අන්තර් කාලීන ජනාධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳ එකඟතාවක් නොමැති බැවින් සාලිය පීරිස් මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඔහු අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කරන ලෙසයි හිටපු ආණ්ඩුකාරවරුන් ඉල්ලා ඇත්තේ. 

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න, අසාද් සාලී, කීර්ති තෙන්නකෝන් යන හිටපු ආණ්ඩුකාරවරුන් විසින් එම ලිපිය යොමු කර තිබෙනවා.