Tuesday, May 7, 2024

General line - 0115112241

ව්‍යාවස්ථාවෙන් පිට ක්‍රියාකල නොහැකි බවට අගමැතිගෙන් ප්‍රකාශයක්




ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් පිට ක්‍රියා කිරීමට නොහැකි බවත් ව්‍යාවස්ථානුකූලව ජනතා මතයට ඇහුම්කන් දීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉකුත් 09 වනදා සිය පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය අතැමුන් වැරදි ලෙස හුවා දැක්වූ බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ. 

ජනතා මතයට ඇහුම්කම් දී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමට සූදානම් බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කළා.