Monday, April 29, 2024

General line - 0115112241

ගෑස් පෝලිමක චන්ඩිකම් කළ කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

රංජිත් රාජපක්ෂ




ලංකා කම්කරු කොංග්‍රසයේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසෙයි ඇලෙක්සැන්ඩර්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ඒ, ගෑස් පෝලිමක සිටි පුද්ගලයෙකුට පහර දීමට තැත් කළ බවට ඔහුට එල්ල වී ඇති චෝදනා හේතුවෙන්.  

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොන්ඩමන් පැවසුවේ අදාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මහජන නියෝජිතයෙනුට නොගැලපෙන ක්‍රියාවක් සිදු කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

අදාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පුද්ගලයකුට පහරදීමට තැත් කළ ඇත්තේ ඊයේ රාත්‍රියේ නොර්වුඩ් නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි වෙළද සැල ඉදිරිපිටදීයි. එම ස්ථානයේ ගෑස් සිලින්ඩර් පෝලිමේ මුලට ඔහු රැගෙන ආ ගෑස් සිලින්ඩරය තැබූ අවස්ථාවේදී ඊට විරුද්ධ වූ පුද්ගලයෙකුට එලෙස පහරදීමට උත්සහ දරා තිබෙනවා.

පසුව එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් පෝලිමේ සිටි පුද්ගලයින්ට පෙර ගෑස් සිලින්ඩරයක් මිලදී ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.​