Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව උදාහරණයට ගන්න - IMF ප්‍රධානියා G20 සමුළුවට කියයි




ඉදිරි දැක්ම අනුව 2022 සහ 2023 වසරවල ගෝලීය ආර්ථික වර්ධනය තවදුරටත් පහළ යාමක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එම තත්ත්වය හමුවේ නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට ශක්තිමත් ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය බවයි එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටර්ලිනා ජෝර්ජිවා පවසන්නේ. 

ඇය මේ බව සඳහන් කළේ ඉන්දුනීසියාවේ පැවැති ජී 20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හා මහ බැංකු අධිපතිවරුන්ගේ හමුවක් අමතමින්. 

යුක්රේන යුද්ධය තීව්‍ර වී ඇති බවත්, ඒ හමුවේ භාණ්ඩ හා ආහාර මිල මත අමතර පීඩනයක් එල්ල වී ඇති බවත් ඇය සඳහන් කළා. ගෝලීය මූල්‍ය තත්ත්වය ද පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා දැඩි වෙමින් ඇති බවයි ඇය එහිදී පෙන්වා දුන්නේ. මෙවන් තත්ත්වයන් මත  ඉහළ ණය මට්ටමක් හා සීමිත ප්‍රතිපත්ති ඇති රටවලට වත්මන් ශ්‍රී ලංකාව අනතුරු ඇගවීමේ සලකුණක් බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂවරිය සඳහන් කළේ. 

මේ අතර ණය බර, ණය පැහැර හැරීම්, උද්ධමනය සහ ආර්ථික බිඳවැටීම් මෙන්ම ඉන්ධන මිල ඉහළ යාම් වැනි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් කිහිපයක්ම මේවනවිට අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා එම රටවල් අතර ලෙබනනය, රුසියාව, සැම්බියාව බෙලරුසියාව, ආජන්ටිනාව සහ ඉක්වදෝරය වැනි රටවල් ද වන බවයි වාර්තා වන්නේ.