Thursday, May 2, 2024

General line - 0115112241

පකිස්තානයත් ශ්‍රී ලංකාවක් වනු ඇතැයි ඉම්රාන් ඛාන්ගෙන් අනතුරු ඇගවීම්




පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නායකත්වය දරණ පකිස්තාන් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයින් මේවනවිට විරෝධතා රැළි පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ එරට රජයට එරෙහිවයි. රට තුළ පවතින උද්ධමනය හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින බවයි විරෝධතාකරුවන් පවසන්නේ. එමෙන්ම රජය විසින් ගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙළ වහා නැවැත්විය යුතු බවට ද පී ටී අයි පාක්ෂිකයින් බලකර සිටිනවා. 

මේ අතර සිය පාක්ෂිකයින් අමතමින් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ දූෂිත දේශපාලනඥයින් හේතුවෙන් රට දැඩි අර්බුධකාරී තත්ත්වයක් වෙත ගමන් කරමින් ඇති බවයි.

පොලීසිය විසින් එම දූෂිත දේශපාලනඥයින් ආරක්ෂා කරන බව ද හිටපු අග්‍රාමාතයවරයා පවසා තිබෙනවා. උද්ධමනය හා පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉදිරියේදී පකිසාත්නය ද ශ්‍රී ලංකාව වැනි අර්බුදකාරී තත්වයකට ඇද වැටෙනු ඇති බවයි ඉම්රාන් ඛාන් සඳහන් කළේ.  

අමෙරිකාව විසින් තමන් ධූරයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළ බවත් ඒ  සඳහා පකිස්තානය තුළින්ම සහය ලැබුණු බවත් ඔහු චෝදනා කරනවා. රුසියාවට සහ චීනයට හිතවාදී සිය විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් අමෙරිකාව තමන්ට විරුද්ධ බවයි පකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.