Saturday, May 18, 2024

General line - 0115112241

විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට විශේෂ කවුළුවක්




විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සදහා වෙන් කළ විශේෂ කවුන්ටරයෙන් සේවා සැපයිම අද සිට ආරම්භ කළ බව  ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.  

ඒ අනුව අද දින සිට විදෙස් රැකියාවක් සදහා පිටත්ව යාමට අවශ්‍ය මූලික කාර්යයන් සම්පූර්ණ කළ අයදුම්කරුවකුට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිකුත් කරන ලිපිය සිය දෙපාර්තමේන්තුවේ මෙම විශේෂ කවුළුවට ඉදිරිපත් කිරීමෙන් විදෙස් ගමන් බලපත්‍රය කඩිනමින් ලබා ගත හැකි බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අධික තදබදය හේතුවෙන් විදෙස්ගත වීමට අපේක්ෂිත ශ්‍රමිකයන් ඉකුත් කාලය පුරා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඒ පිළිබද අවධානය යොමු කළ අමාත්‍ය මනූෂ නානායක්කාර ඉකුත්දා නිලධාරීන්ට ලබාදුන් උපදෙස් අනුව විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා මෙම කවුළුව විවෘත කර තිබෙනවා. 

සැප්තැම්බර් පළමු වැනිදා සිට විදෙස්ගතවන ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළේ දී විශේෂ පිවිසුම් දොරටුවක් විවෘත කරන බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ.