Saturday, April 27, 2024

General line - 0115112241

එංගලන්තයට එරෙහි අවුරුදු 19 න් පහළ යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට




එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමඟ පැවති යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ, දෙපිළ අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟයි. දෙපිලි අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා පිළ කඬුලු 03 ක ජයක් වාර්තා කළා.

මේ අතර එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී ම ශ්‍රී ලංකාව වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම දැක්වූ විශිෂ්ඨ දක්ෂතා සම්බන්ධයෙන් මේ වන විට එංගලන්තය තුළ කතාබහක් මතුව තිබෙනවා. මේ, ඒ පිළිබඳ වාර්තාව ලන්ඩන් නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුමගෙන්.

එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර තරඟ 03 කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය ලබන සඳුදා ආරම්භ වනවා.