Saturday, April 27, 2024

General line - 0115112241

බංග්ලාදේශයට එරෙහි තීරණාත්මක තරඟයේදී ශ්‍රී ලංකා පිළේ වෙනසක්




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශය සමඟ අද පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග පවසනවා. ඒ, අද තරඟය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

බංග්ලාදේශ කණ්ඩායමේ අභියෝගය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ක්‍රීඩා වාර්තාවල දැක්වෙන්නේ තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට කැඳවීමට වැඩි ඉඩක් ඇති බවයි. එහෙත් ඔහු වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කරන්නේ ධනුෂ්ක ගුණතිලක ද පැතුම් නිස්සංක ද එසේත් නැත්නම් වේග පන්දු යවන්නෙක්දැයි මෙතෙක් තීරණයක් ගෙන නැහැ.