Saturday, April 27, 2024

General line - 0115112241

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට 




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරඟය රාත්‍රී 07යි 30ට ආරම්භ වනවා. ඒ, ඩුබායිහිදීයි.  තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළා.         

එම තරඟාවලිය යටතේ ඇෆ්ගනිස්ථානය සමඟ පැවති පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. බංග්ලාදේශ සමඟ පැවති තරඟයේ ජය හිමි කර ගත්තේ ද ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි. ඒ අනුව, අද පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමට තීරණාත්මක වනවා. මෙම තරඟයෙන් ජයගන්නා කණ්ඩායම සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබනවා.

2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරඟ 12කට සහභාගී වී ඇති අතර ඉන් පන්දුවාර 20 තරඟ 08ක්ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.