Saturday, April 27, 2024

General line - 0115112241

මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර 20 යි 20 ක්‍රිකට් පිටියට සමුදෙයි




බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණූමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශ කණ්ඩායම ඉවත්වීමෙන් පසු තමන් මෙම තීරණයට එළඹි බවයි.

එහෙත් තමන් තවදුරටත් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කරන බව ද මුෂ්ෆිකර් රහීම් පවසා තිබෙනවා.

පන්දුවාර 20 ක්‍රිකට් තරග 102 කට ක්‍රීඩා කර ඇති ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1500 ක්. මුෂ්ෆිකර් රහීම් සිය අවසන් ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.