Thursday, May 2, 2024

General line - 0115112241

කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගනියි 




ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

මෙම ක්‍රීඩාංගණය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ. 

තරගය නැරඹීම සදහා ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් දැනටමත් ක්‍රීඩාංගණයට පැමිණ සිටිනවා. ආසියානු කුසලානතරගාවලියේ තවදුරටත් රැදි සිටීමට ඉන්දීය කණ්ඩායමට තීරණාත්මක මෙම තරගය නැරඹීමට ඉන්දීය ප්‍රේක්‍ෂකයන් ද විශාල පිරිසක් ක්‍රීඩාංගණයට රැස්ව සිටින බවයි වාර්තා වුණේ. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා විස්සයි විස්ස තරග 25 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 17 ක් ජයගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. තරග 7 ක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබෙනවා. එක් තරගයක් විසඳුමකින් තොරවයි නිමාවී ඇත්තේ.