Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයට හේතු වූ කරුණ ගැන භානුක කතා කරයි




ඉන්දියාව සමග පැවැති තරගයෙන් ජය ගැනීමට බලපෑ ප්‍රධාන හේතුව ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසනවා. ඊයේ පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

ඊයේ තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබූ සූදානම පිළිබඳව ද භානුක රාජපක්ෂ අදහස් පළ කළා. 

තියුණු තරගයකින් අනතුරුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දිය කණ්ඩායම සමග පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුළු 6 කින්.  

ඒ අනුව සුපිරි සිව්දෙනාගේ වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඊයේ පැවැති තරගයේදී පරාජයට පත්වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය පිළිබද තැබූ බලාපොරොත්තු අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. ඒ, ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතරයි.