Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දියාවට වැඩ පෙන්වූ පැතුම් නිස්සංක පන්දුවාර 20 ශ්‍රේණිගතවලින් ඉදිරියට




ඉන්දියාව සමග ඊයේ පැවැති තරගයේදී දක්ෂ පිති හරඹයක නිරත වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ජාත්‍යන්තර 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ පියවරක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ICC ශ්‍රේණිගත කිරීම් අනුව 09 වන ස්ථානයේ රැඳී සිටි ඔහු 08 වන ස්ථානය දක්වායි ඉදිරියට පැමිණ ඇත්තේ. ජාත්‍යන්තර 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ රැඳී සිටින්නේ පකිස්තාන ක්‍රීඩක මෙහොමඩ් රිස්වාන්. එම කණ්ඩායමේ නායක බාබර් අසාම් එම ශ්‍රේණිගත කිරීම්වල 02 ස්ථානයේ පසුවනවා. 

මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.