Monday, May 13, 2024

General line - 0115112241

පකිස්තාන බලධාරීහු රෑපවාහිනී නාලිකාවක් වසා දමති




අධිකරණ නියෝගයක් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ලිපියක් සැලකිල්ලට ගනිමින් ලබායික් පුද්ගලික සමාගමේ  රූපවාහිනී නාලිකාවක විකාශන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීම‍ට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

වසර 15ක බලපත්‍ර කාලය 2021 දෙසැම්බරයෙන් අවසන්වීමෙන් පසු ලබායික් රූපවාහිනී නාලිකා විකාශනය පාකිස්තාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් (PEMRA) නතර කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

සමාගම නාලිකාව අලුත් කිරීම සඳහා නියාමන අධිකාරියට කිසිදු අයදුම්පතක් ඉදිරිපත් කර නොමැති බවද එරට වාර්තාවල සදහන්. 

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ආරක්ෂක නිෂ්කාශන නිකුත් නොකිරීම හේතුවෙන් ලබායික් පුද්ගලික සමාගම වෙත නිකුත් කර ඇති බලපත්‍ර 2017 දී අධිකාරිය විසින් අවලංගු කර තිබෙනවා.

විකාශන අධිකාරියේ නියෝගයට එරෙහිව සමාගම සින්ද් මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබූ අතර එය විභාග වෙමින් පවතිද්දී නාලිකාව ඔවුන්ගේ විකාශන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන‍ ගොස් ඇති බව ද සදහන්..

නඩු විභාගය අතරතුර, අධිකාරියේ නීතීඥවරයා ප්‍රකාශ කළේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සමාගම වෙත ආරක්ෂක නිෂ්කාශනයක් නිකුත් නොකළහොත්, එහි විකාශනය සිදු කිරීමට ඉඩ නොදෙන බවයි.

එබැවින් එම අධිකාරිය අධිකරණ නියෝගයේ සියලුම වාර්තා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ලිපි පරීක්ෂා කර වහාම ක්‍රියාත්මක වන පරිදි නාලිකාවේ විකාශනය නතර කිරීමට නියෝග කර තිබෙනවා.