Friday, May 10, 2024

General line - 0115112241

සමන්තා පවර් සහ ජනපති අතර හමුවක්




අමෙරිකානු නියෝජිත ආයතනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

සමන්තා පවර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අද උදෑසන 9.30ට පමණ ආරම්භ වූ අතර එය පැයක පමණ කාලයක් පැවැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඉන් අනතුරුව විනාඩි 40 ක පමණ කාලයක් අමෙරිකානු හා මෙරට නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

මේ අතර එළඹෙන කන්නය සඳහා මෙරට ගොවීන්ට අවශ්‍ය පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 40 ක සංවර්ධන ආධාරයක් පරිත්‍යාග කිරීමට ද  අමෙරිකානු නියෝජිත ආයතනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් එකගත්වය පළ කර තිබෙනවා.  

මෙරට පිහිටි ගොවිබිම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු නියෝජිත ආයතනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් ඒ බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.