Thursday, May 9, 2024

General line - 0115112241

ක්‍රිකට් ප්‍රවීණයනුත් ශ්‍රී ලංකා අභිමානය ඔසවා තබයි




තිලකරත්න ඩිල්ෂාන්ගේ සහ ඩිල්ෂාන් මුණනවීරගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් ලකුණු 38ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 218ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළා.

නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56 කින් ලකුණු 107 ක් රැස් කළේ හතරේ පහර 14 ක් සහ හයේ පහර 4 ක් සමගයි. ඩිල්ෂාන් මුණවීර පන්දු 63 කදී නොදැවී ලකුණු 95 යි. ඔහුගේ ඉනිමට හතරේ 10 ක් සහ හයේ  පහර 2 ක් ඇතුළත් වුණා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට පන්දුවාර 18කදී සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණයි.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 36 කට කඩුළු 4 ක් දවා ගත්තා. තරගයේ වීරයා තිලකරත්න ඩිල්ෂාන්.