Saturday, May 11, 2024

General line - 0115112241

වී මිලදී ගැනීමට තවත් කැබිනට් පත්‍රිකාවක්




වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට නැවත වරක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ වව්නියාව ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භක අරමුණු හා පරමාර්ථවලින් පිට ගමන් කරන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර එහිදී වැඩිදුරටත් සදහන් කළේ. 

වව්නියාව ප්‍රදේශයේ සිදුකළ සිය නිරීක්‍ෂණ චාරිකාවේදී හදුනා ගත් ගැටළු සහ ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළා.