Saturday, May 11, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දුන් පොරොන්දුව ආණ්ඩුව කඩ කළා - නීතිඥ නුවන් බෝපගේ




ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර දමන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ පොරොන්දු වූ ආණ්ඩුව මේ වනවිට එය අරගලකරුවන් මර්දනයට යොදාගෙන ඇති බව තරුණ නීතිඥ සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික නීතිඥ නුවන් බෝපගේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් ජිනීවාහිදී අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හමුවේ කරුණු දක්වන බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ තරුණ නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජික නීතිඥ නුවන් බෝපගේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ලබන ඔක්තෝම්බර් 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ද මෙවර සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී තිබෙනවා. 

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු පිරිසක් එහිදී කරුණු දැක්වීමට නියමිතයි.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසි වාරයට සහභාගිවීම සදහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, මුජුබර් රහුමාන් ඇතුළු පිරිසක්ද ජිනීවා වෙත ගොස් සිටිනවා.