Saturday, May 11, 2024

General line - 0115112241

ඖෂධ මිලදී ගන්න ඩොලර් මිලියන සියයක් දෙන්න කැබිනට් අනුමැතිය




සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.  

වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක  ව්‍යාපෘති යටතේ ඩොලර් මිලියන සියයක අරමුදල්, අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට අනුමැතිය හිමිවූ බවයි. අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඵක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අතර මෙරට රෝහල්වල පවතින ඖෂධ හිගය ආපදාවත් බවට පත්ව ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ඩී ආර් කේ හේරත් පවසනවා. කෙසේවෙතත් රෝහල්වල ඖෂධ හිගය අවම කිරිීම සදහා  නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට ඵක්වෙමින් ඔහු සදහන් කළේ.