Thursday, May 9, 2024

General line - 0115112241

වනිඳුට සහ භානුකට උසස්වීම්




ජාත්‍යතර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට භානුක රාජපක්‍ෂ සහ තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සමත් වී තිබෙනවා. ඒ, ඉකුත්දා පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැක් වූ දක්‍ෂතා හේතුවෙන්.

ඒ අනුව තුන්ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ සටහනේ සිව් වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට වනිදු හසරංග සමත් වී තිබෙනවා. මීට පෙර ඔහු පසුවුණේ එම සටහනේ 8 වන ස්ථානයේයි. බංග්ලාදේශ කණ්ඩායමේ නායක සකීබ් අල් හසන් එම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා. 

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරි පිතිකරුවෙකු වන භානුක රාජපක්‍ෂ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ 34 වන ස්ථානයේ දක්වා පැමිණීමට සමත්ව තිබෙනවා. ඔහු මීට පෙර පසු වුණේ 67 වන ස්ථානයේයි. 

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසු වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස්.