Thursday, May 16, 2024

General line - 0115112241

වැඩි කළ විදුලි බිල නිසා කර්මාන්ත ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑම ගැන සොයා බලන ලෙස රජයට යෝජනා




විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම පිළිබද රජය සොයාබැලීමක් කල යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා. විදුලි බිල වැඩි කිරීමෙන් දේශීය වෙළදපොල ඉලක්ක කරගත් නිශ්පාදකයින්ට වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. 

කෙසේවෙතත් විදුලි බිල් සදහා සහනාධාර ලබාදීම මෙරට ආර්ථිකයට හිතකර තත්ත්වයක් නොවන බවද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දුන්නා. 

විහාරස්ථානවල විදුලිබිල වැඩිකිරීමට එරෙහිව එල්ල වන විවේචන සම්බන්ධයෙන් ද අචාර්ය ප්‍රියංග දුනුසිංහ අදහස් පළ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ පවතින තත්තත්වයන් පිළිබඳ සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳ දැනුවත් කිීරිම යෝග්‍ය බවයි.