Tuesday, May 7, 2024

General line - 0115112241

පාර්ශව කිහිපයක විරෝධතා මැද ජාතික සභාව ස්ථාපිත කිරීමේ යෝජනාව සම්මත වෙයි




ජාතික සභාව ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාව අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා. ජාතික සභාව නමින් හඳුන්වන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිත්වය කථානායකවරයාට හිමිවූ අතර අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එහි සාමාජිකයින් වනවා.

ඊට අමතරව දේශපාලන පක්ෂවල නායකයින් තීරණය කරන ලද පරිදි පිළිගත් දේශපාලන පක්ෂවලින් තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරුන් 35 කට නොවැඩි සංඛ්‍යාවකින් එය සමන්විත විය යුතු බවටයි යෝජනා වී ඇත්තේ. එම යෝජනාව වෙනුවෙන් අද පැවැති විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. 

ඉන් අනතුරුව විවාදයට එක්වුණේ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක. 

විවාදයට එක්වූ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවසුවේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අනුව ජාතික සභාවට සහය දැක්විය නොහැකි බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ද විවාදයට එක්වුණා. 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද විවාදයේදී අදහස් පළ කළා.