Monday, May 6, 2024

General line - 0115112241

නිදහස ජාතික සභාව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ගෙන් දුක් ගැනවිල්ලක්




අද පැවති ජාතික ආදායම වැඩි කරගැනීම සදහා වූ කල් තැබීමේ විවාදයේදී සිය මන්ත්‍රීවරුන් 13දෙනාට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට අවස්ථාව හිමි නොවූ බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදීද මෙම අදහස් පළ කළා.

එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද අදහස් පළ කළා.