Monday, May 6, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාව සමග පැවති දෙවන විස්සයි 20 තරගයෙන් ඉන්දියාව ජය ලබයි




සංචාරක ඔස්ට්‍රේලියාව කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඉන්දියාවේ නාග්පූර්හී පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය පන්දු වාර අටකට සීමා වුණා. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 8 අවසානයේ කඩුලු පහක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 90ක්. එහිදී මැතිව් වේඩ් නොදැවී ලකුණු 43ක් රැස්කළා. නායක ආරොන්, ෆින්ච් ලකුණු 31යි. පන්දු යැවීමේදී අක්ෂර් පටෙල් කඩුලු 2ක් හා ජස්ප්‍රිට් බුම්රා එක කඩුල්ලක් දවා ගත්තා.

ලකුණු 91ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දු වාර 7යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 92ක් රැස් කරමින් තරගය ජය ගත්තා. නායක රෝහිත් ශර්මා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 46ක්. 

පන්දු යැවීමේදී ඇඩම් සම්පා ප්‍රතිවාදී කඩුලු 3ක් බිද හෙලුවා. 

තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව තරග එක බැගින් මේ වන විට ජයගෙන තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට හයිද්‍රාබාද් හිදී පැවැත්වීමට නියමිතයි.