Wednesday, May 8, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අද විශාල ජනතාවක්




කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය නැරඹීමට මේ වන විටත් බොහෝ පිරිසක් පැමිණ සිටිනවා. ඒ පිලිබද තොරතුරු දැනගැනීම සදහා අප දැන් සම්බන්ධ කර ගන්නවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සදරුවන් බටගොඩගේ.


නෙත් එෆ් එම් විශේෂ කුටියට පැමිණ අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කරන නෙත් එෆ් එම් සමාජ සත්කාර වැඩසටහනට අද පෙරවරුවේ ද බොහෝ පිරිසක් අලුත් පොත් පරිත්‍යාග කළා. එලෙස පොත් පරිත්‍යාග කළ කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද දිනයේ පැවැත්වෙන්නේ 09 වන දිනටයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 23 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ අනුග්‍රාහකත්වය ලබා දෙනවා.