Tuesday, May 7, 2024

General line - 0115112241

බගවන්තලාව ප්‍රදේශයට තද වැසි පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි




බගවන්තලාව ප්‍රදේශයට අද (25) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පහත්බිම් රැසක් ජලයෙන් යට වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පවසනවා.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව සෙන්මේරිස් ජාතික පාසලේ ක්‍රීඩාංගණය සහ අවට පහත්බිම් රැසක් ජලයෙන් යට වි ඇත.

අධික වර්ෂාව හේතුවෙන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති අතර, කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල යාම නිසා කාසල්රි ජලාශයේද ජල මට්ටම ඉහල යමින් පවති.