Saturday, April 27, 2024

General line - 0115112241

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිල පිටව යයි




ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. බංග්ලාදේශයේ පැවැත්වෙන මෙම තරඟාවලියට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ චමරි අතපත්තුයි.

දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චමරි අතපත්තු සඳහන් කළේ තරඟාවලියට මුහුණදීම සඳහා තම කණ්ඩායමට ඉතාමත් හොද සූදානමක සිටින බවයි.

සිය කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් පිළිබඳව ද ඇය එහිදී මෙලෙස අදහස් පළ කළා.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය ඔක්තොම්බර් පළමුවැනිදා සිට 16 වනදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතයි.