Tuesday, April 30, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් අවසන් පූර්ව තරඟය අද




ලොව ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගිවන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්” පන්දුවාර විස්සයි 20 ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේ සහභාගි වූ සියලු තරඟ ජයගෙන මේ වන විට අපරාජිතව පසුවනවා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තමන් සහභාගිවූ තරඟ 03 න් 02 ක් ජයගත්තා.

මේ අතර වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ අතරමඟ නතර කෙරුණු “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්” පන්දුවාර විස්සයි 20 ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියා - ඕස්ට්‍රේලියා පළමු අවසන් පූර්ව තරඟය අද යළි පැවැත්වෙනවා.

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ්‍රලියානු ඉනිම පන්දුවාර 17 කදී තාවකාලිකව අවසන් කිරීමට තරඟ තීරකයින් පියවර ගත්තා. ඒ වන විට ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම කඬුලු 05 කට ලකුණු 136 ක් රැස් කරගෙන සිටියා. ඊයේ දිනයේ නතර කළ තැන සිට තරඟය යළි අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.