Saturday, April 27, 2024

General line - 0115112241

ජාතික කණ්ඩායමේත් නැති ශ්‍රී ලාංකිකයෙකුට ඕස්ට්‍රේලියාවෙන් ක්‍රිකට් වරම්




ලොව ප්‍රධාන පෙළේ පන්දුවාර විස්සයි 20 ලීග් ක්‍රිකට් තරඟාවලියක් වන ඕස්ට්‍රේලියාවේ බිග් බෑශ් තරඟාවලිය සඳහා, මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු තෝරාගෙන තිබෙනවා. 31 හැවිරිදි ඔහු රුවන්ත කෙල්ලපොතයි. 

ඔහු ශ්‍රී ලංකාවේදී පළමු පෙළ තරඟ 20 කට ක්‍රීඩා කර ලකුණු 100 ක් සහ පාදඟ පන්දුයවන්නෙකු ලෙස කඬුලු 55 ක් දවා ගත් ක්‍රීඩකයෙක්.

පසුව 2003 වසරේදී ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන ඔහු මෙල්බර්න්හිදී සිය ක්‍රිකට් ක්‍රීඩාව අඛණ්ඩව සිදුකරනවා. ඕස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් තරඟ බිමේ ඉකුත්දා අවසන්වූ තරඟාවලියේදී ඔහු වැඩිම කඬුලුලාභියා බවට පත් වුණේ කඬුලු 46 ක් දවා ගනිමින්.

ඒ අනුව රුවන්ත කෙල්ලපොත එළඹෙන බිග් බෑශ් තරඟාවලිය සඳහා මෙල්බර්න් කණ්ඩායම තෝරාගෙන ඇත්තේ ඔවුන්ගේ විදෙස් ක්‍රීඩක ලැයිස්තුවටයි.

රුවන්ත නියෝජනය කරන මෙල්බර්න් කණ්ඩායමට සුපිරි ක්‍රීඩකයින් වන ඒරොන් ෆින්ච්, ලියම් ලිවින්ස්ටන්, ෂෝන් මාෂ්, කේන් රිචට්සන් ද ඇතුලත්.