Tuesday, April 30, 2024

General line - 0115112241

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය සත්කාරක බංග්ලාදේශයට




ආසියානු කුසලාන පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමිකර ගැනීමට සත්කාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද සමත් වුණා.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ බංග්ලාදේශ කණ්ඩායම සහ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි. ත

රගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් තායිලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 82 ක්. 

ඒ අනුව ලකුණු 83 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 11 යි පන්දු 4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජය ගත්තේ ලකුණු 83 ක් ලබා ගනිමින්. 

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පස්වරු 01 ට ආරම්භ වනවා.  

මේ අතර රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ද අද රාත්‍රි 07 යි 30 ට ආරම්භවීමට නියමිතයි. ඒ, ශ්‍රී ලංකා සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතරයි. එම තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ රායිපූර්හිදීයි.