Tuesday, April 30, 2024

General line - 0115112241

T-20 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

ටී.කේ.ජී.කපිල




ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කර සිටියි.

29 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකු ඇතුළත් වී සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මෙම නිලධාරීන් පිරිස අතර ප්‍රධාන  පුහුණුකරු, සහාය පුහුණුකරුවන්, කළමනාකරු, වේග පන්දු පුහුණුකරු, දඟ පන්දු පුහුණුකරු,භෞත චිකිත්සක සහ වෛද්‍යවරුන් ඇතුළත්.

ඔවුන් අද දින අලුයම 03.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පළමුවෙන්ම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

ඉන් අනතුරුව මෙම ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට ඍජු ගුවන් ගමනක නිරත වෙමින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ළගා වීමට නියමිතයි.