Saturday, May 18, 2024

General line - 0115112241

පෙට්‍රල් මිල අඩුවුණත් - ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට QR නිසා බාලගිරි




පෙට්‍රල් මිල අඩුවුවද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කළ යුතු බව ත්‍රීරෝද රථ සංගම් පවසනවා.

ජාතික ඉන්ධන බලපත්‍රයෙන් QR කේතය හරහා ත්‍රීරෝද රථ සදහා ලබා දෙන පෙට්‍රල් ප්‍රමාණය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි ඇතැම් ත්‍රීරෝද රථ සංගම් පැවසුවේ.

එමනිසා ත්‍රීරෝද රථ ගාස්තුව අඩුකිරීමට හැකියාවක් නොමැති බවයි සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් නෙත් නිවුස් වෙත සදහන් කළේ.

කෙසේවෙතත් නෙත් නිවුස් කළ විමසීමකදී වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමයේ ලේකම් නිශාන්ත කුමාර සදහන් කළේ පෙට්‍රල් මිල අඩුවීමත් සමග ජනතාව ත්‍රීරෝද රථ ගාස්තුවල අඩුවීමක් අපේක්ෂා කරන බැවින් ඒ පිළිබද ඉදිරියේදී ජනතාව වෙත දැනුම් දෙන බවයි.