Thursday, May 9, 2024

General line - 0115112241

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය : ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර තරගය අදයි




ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවයි. 

එම තරඟාවලියේ මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම  තරඟ දෙකකට ක්‍රීඩා කළා. ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 41 ක පරාජයක් අත්වුණා. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජය හිමිවුණා. ඒ, ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 11 කින්.