Thursday, May 9, 2024

General line - 0115112241

ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ දෙවන ජය ලබයි




ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකින් ලකුණු 49ක ජයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ, තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 156ක් රැස් කළා.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 69කදී ලකුණු 81ක් රැස් කළේ හතරේ පහර 10ක් සමගයි. නිලක්ෂි ද සිල්වා පන්දු 21කදී ලකුණු 39ක් රැස් කළා. ඇයගේ ඉණිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී ලබාගත හැකි වූණේ ලකුනු 107ක් පමණයි. පන්දු යැවීමේදී අචිනි කුලසූරිය ලකුණු 19කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ හර්ෂිතා සමරවික්‍රමයි.