Thursday, May 9, 2024

General line - 0115112241

වසර දෙකකට පසු සමස්ථ ලංකා පාසැල් ක්‍රීඩා තරඟ යළිත්




වසර දෙකකට පසු නැවතත් සමස්ථ ලංකා පාසැල් ක්‍රීඩා තරඟ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සමස්ථ ලංකා පාසැල් ක්‍රීඩා තරඟ අදියර 04 ක් යටතේ පැවැත්වෙනු ඇති.

ඊට කණ්ඩායම් තරඟ 31 ක් සහ මළල ක්‍රීඩා තරඟ 32 ක් ඇතුලත්. කණ්ඩායම් තරඟ පළාත් මට්ටමින් ද, මළල ක්‍රීඩා තරඟ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේද පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ, නොවැම්බර් 16 වනදා සිට 20 වනදා දක්වායි. අවසන් මහා තරඟයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35,000 කට ආසන්න පිරිසක් සහභාගී වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය විශ්වාසය පළ කරනවා.

මේ අතර සමස්ථ ලංකා පාසැල් තරඟාවලියේ සමාරම්භක ක්‍රීඩා ඉසව්වක් ලෙස ජාතික මට්ටමේ හා බස්නාහිර පළාත් අර්ධ මැරතන් තරඟය ඔක්තොම්බර් 08 වනදා ගම්පහදී පැවැත්වීමට නියමිතයි. අර්ධ මැරතන් තරඟයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 600 ක්ද, මැරතන් තරඟයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200 ක්ද සහභාගි වනු ඇති.

2020 - 2021 යන වසරවල සමස්ථ ලංකා පාසැල් ක්‍රීඩා තරඟ පැවැත්වීමට නොහැකි වූයේ කොවිඩ් වසංගතය හේතුවෙන්.