Saturday, May 18, 2024

General line - 0115112241

විරෝධය මැද 22 ගැන විවාදය කල් යයි




අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද කල් තැබුණා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ විවාදය ලබන පාර්ලිමේන්තු සතියේ පැවැත්වීමට අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයට අදාළ සභාව කල් තැබීමේ විවාදය අද පැවැත්වුණා.

මේ අතර අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය කල් දැමීම සම්බන්ධයෙන් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවේදී සිය විරෝධය පළ කළා. එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද සිදුකරන්නේදැයි විමසීමක් කළා. ඊට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වුවා. 

මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගෙන ඒමට බලපෑ හේතු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙලෙස පැහැදිලි කළා.    

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ.