Thursday, May 9, 2024

General line - 0115112241

කොදෙව් ක්‍රීඩකයෙකුගෙන් පළමු වරට විස්සයි 20 ද්විත්ව ශතකයක්




පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයෙකු සමත්ව තිබෙනවා. ඔහු නමින් රකීම් කොන්වෝල්. ඔහු මෙම දස්කම දක්වා ඇත්තේ අමෙරිකාවේ පැවැත්වෙන ඇට්ලන්ටා විවෘත විස්සයි 20 තරඟාවලියේදීයි.

එහිදී ඇට්ලන්ටා ෆයර් කණ්ඩායම නියෝජනය කළ රකීම් කොන්වෝල් පන්දු 77 කදී නොදැවී ලකුණු 205 ක් රැස්කිරීමට සමත් වුණා. ඊට හයේ පහර 22 ක් සහ හතරේ පහර 17 ක් ඇතුලත්. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 266 යි දශම 2 යි 3 ක්. ඔහුගේ මෙම ඉනිමි හේතුවෙන් ඇට්ලන්ටා ෆයර් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී එක් කඬුල්ලකට ලකුණු 326 ක් රැස් කළා.

රකීම් කොන්වෝල් රැස්කළ මෙම ද්විත්ව ශතකය සැලකෙන්නේ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේදී පිතිකරුවෙකු රැස්කළ පළමු ද්විත්ව ශතකය ලෙසයි.

රකීම් කොන්වෝල් යනු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැඩි අවධානයක් දිනාගත් ක්‍රීඩකයෙක්. ඒ, ඔහුගේ සිරුරේ බර හේතුවෙන්. රකීම් කොන්වෝල්ගේ බර කිලෝග්‍රෑම් 140 කට අධිකයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන ලොව බර අධිකම ක්‍රීඩකයා වන්නේද ඔහුයි.